ඔබගේ ව්‍යාපාරයේ දියුණුවට පියවර 10ක්.


ව්‍යාපාරයක් දියුණු කර ගැනීම සදහා විවෳත මනසක් සහ සැලසුම් කිරීමේ හා සන්විදානය කිරීමේ හැකියාවක් තිබිය යුතුය. අද බොහෝ දෙනෙක් සිතා  සිටින්නේ තම අදහස් අනුව මුදල් වියදම් කර ව්‍යාපාරයක් ඇරබූ සැනින් එය ලාබදායී මුදල් ගලාගෙන එන ව්‍යාපාරයක් වනු ඇතැයි කියාය. නමුත් එය සිතූ තරම් පහසු නොවේ යයි පසුව වැටහුනු පසු එම අදහස කොපමන වටිනා දෙයක් උනත් නවතා දමයි. නමුත් ඔබ හදිසි නොවී ව්‍යාපාරයක් සාර්ථක කර ගැනීමට අවශ්‍ය ප්‍රදාන පියවර ඉගන ගතහොත් ඔබගේ ව්‍යාපාර ඉතා සාර්ථක කර ගනීමට හැකි වීම නොවනුමානයි.


 එසේ ඔබගේ ව්‍යාපාරය දියුණු කර ගැනීමට අවශ්‍ය පියවර මොනවාදැයි අපි බලමු.

1 මුල සිට සැලසුම් කරන්න.

          ඔබගේ ව්‍යාපාර අදහස් පැමිනි පසු එම අදහස් ගැන හොදින් සිතා එය සැලසුම් කර ගන්න. මුලින් ඔබගේ සිත තුල එම ව්‍යාපාරය ආරම්භ කර බලන්න මෙය සාර්තක ව්‍යාපාරිකයන්ගෙ රහස් ක්‍රමයකි. එවිට ඔබට ගැටලු මතුවනු ඇත. ව්‍යාපාරය සිදු කරන ආකාරයත් එම ගැටලු සියල්ලමත් පිලිවෙලට ලියා ගන්න. ඉන්පසු එම ගැටලු වලට පිලිතුරුත් කල්පනා කර ඒවාද ලියා ගන්න. එසේ කිරීමෙන් ඔබට ඉතා හොදින් ඔබට ඔබගේ ව්‍යාපාරයට මුදල් නොයොදවාම සැලසුම් කර ගත හැකි වනු ඇත. මේ සියල්ලක්ම පැහැදිලිව ලිවීමට අමතක නොකරන්න.

2 සන්විදානය කර ගන්න.

           හොද සන්විදානයක් තුලින් ඔබගේ ව්‍යාපාරය ඉතා ඉක්මනින් සාර්ථකත්වය කරා ගෙන යාමට හැකිවනු ඇත. සන්විදානය තුලින් ඔබට කිසිම දෙයක් අතපසු නොවී මග නොහැරී හොද පාලනයකින් ඔබගේ ව්‍යාපාරය හැසිරවීමට හැකි වනු ඇත. එය කිරීමට ඉතා පහසු ක්‍රමයක් නම් දිනපතා තමා කල යුතු දෙවල් පිලිවෙලට ලියාගෙන ඒවා අනුගමනය කිරීමයි. මෙයින් ඔබට කිසිවක් අමතක නොකර කල හැකිවනු ඇත. ව්‍යාපාරය සදහාම දින පොතක් ගෙන දිනපතා කල යුතු දේ සහ කල දේ ලියා පරීක්ශා කර බැලීමත් ඉතා හොද ක්‍රියාවකි.

3 සවිස්තරාත්මක වාර්තා තබා ගන්න.

  පැහැදිලි සවිස්තරාත්මක වාර්තාවක් තබා ගැනීමෙන් ඔබට ඔබගේ ව්‍යාපාරය මූල්‍යමය වශයෙන් පවතින තත්වය සහ උදා විය හැකි ගැටලු පිලිබද හොද අවබෝදයක් සහ ඒවාට සූදානම් වීමට හැකියාවක් උදාවනු ඇත. මෙම විස්තර තුලින් දැන ගනීමේ වැදගත් කම නම් ඔබට ගැටලු මතු වීමට ප්‍රථම එම ගැටලුව හදුනාගෙන එයට ඉතා හොදින් සූදානම් වීමට හැකි වීමයි. සියලුම සාර්ථක ව්‍යාපාරයන්ම අනිවාර්‍යන්ම සවිස්තරාත්මක වාර්තාවක් තබා ගන්නා බව දැන ගන්න. මේ සදහා ඔබට අය වැයක් සාදා ගන්න යන ලිපි ප්‍රයෝජනවත් විය හැකිය.

4 ඔබගේ තරග කරුවන් හොදින් හදුනා ගන්න.

          තරග කරුවන් හදුනා ගැනීම ව්‍යාපාරයේ දියුණුවට ඉතා වැදගත් බව ඔබ දන්නවාද? තරග කරුවන් හදුනාගෙන ඔවුන්ගෙන් ඉගන ගැනීම ලැජ්ජාවක් නොවන බව හොදින් දැන ගන්න.සමහර විට ඔවුන් ඔබ නොදන්නා  දෑ දන්නවා විය හැකියි.එම නිසා විවෘත මනසකින් යුතුව ඔවුන්ව අද්‍යනය කරන්න .පාරිබෝගිකයකු හැටියට හෝ ගොස් ඔවුන්ගේ ව්‍යාපාර හැසිර වීම, පාරිබෝගික සේවය යන දෑ ඉගන ගන්න. එය ඔබගේ ව්‍යාපාරයේ වර්දනයට ඉතා පිටු වහලක් වනු ඇත.

5 ව්‍යාපාරයේ ලාබ වාගේම පාඩු ගැනත් හොදින් දැන ගන්න.

          ඔබගේ ව්‍යාපාරයේ සැම අවස්ථාවක්දීම සිදු විය හැකි පාඩුව දැන ගෙන සිටීම ලාබ ඉපයීමේ සැලසුම් සදහා ඉතා හොදින්  ප්‍රයෝජනයට ගත හැකිය. ඔබගේ ව්‍යාපාරයේ මුල සිටම සියලුම සැලසුම් වලදී සිදුවිය හැකි පාඩුව කුමක් ද කියා ඔබගෙන්ම අසන්න. එයට පිලි තුරත් සැලසුම් කරන්න. ඔබ එසේ පාඩුව ගැන දැන ගැනීමෙන් ඔබට ඔබගේ ලාබය ඉතා ඉහලටම හැසිරවීමට හැකිවනු ඇත. එය ඔබගේ ව්‍යාපාරයේ දියුණුවට ඉතා වැදගත්ය‍.

6 නිර්මාන ශීලීවන්න.

 ඔබ දන්නවාද? සාර්ථක ව්‍යාපාරිකයන් නිතරම සිතන්නේ ඔවුන් සියල්ලම නොදන්නා බවයි, නමුත් අසාර්ථක මිනිසුන් සිතන්නේ ඔවුන් සියල්ල දන්නා බවයි. එමනිසා ඔබත් ඔබගේ ව්‍යාපාරයේ සාර්ථකත්වය සදහා නිතරම විවෘත මනසකින් යුක්තව නිර්මානශිලී  නව අදහස් සහ ක්‍රම සොයා බලන්න. එම අදහස් හොදින් සැලසුම් කර ව්‍යාපාරයට යෙදීමෙන් ඔබට ඔබගේ තරග කරුවන්ට වඩා ඉදිරියෙන් සිටිය හැකියි.

7 කැප කිරීම් වලට සුදානම් වන්න.

තමාගෙම ව්‍යාපාරයක් ආරම්බ කරනවා යනු පැය 8ක රැකියාවක් කිරීමට වඩා වැඩි කැපවීමක් සිදූ කල යුතූ දෙයක් බව හොදින් මතක තබාගන්න. විශේෂයෙන්ම ඔබගෙ ව්‍යාපාරය ආරම්බයේදී ඔබට රෑ දහවල් නොබලා තම පවුල ගැනවත් හරියට නොබලා මහන්සිවී වැඩකිරීමට සිදූවනු ඇත. නමුත් ඔබ ඉතා හොද සැලසුමකට සන්විදානාත්මකව වැඩ කිරීමෙන් මෙම වැඩි කැප කිරීමක් සිදූවන කාලය අඩු කරගත හැකිය.

8 උසස් පාරිබෝගික සේවාවක් ලබා දෙන්න.

ව්‍යාපාරයක දියුණුව රැදී පවතින්නේ ඔබගේ ව්‍යාපරයට එක් පාරක් පමනක්  පැමිනෙන පාරිබෝගිකයන් ගෙන් නොවන බවත් එම පාරිබෝගිකයා නැවත නැවත පැමිනීමෙන් බවත් හොදින් මතක තබා ගන්න. එම නිසා හොදින් පාරිබෝගිකයන්ට සලකන්න. ඔවුන්ට ඔබගේ සේවාවන් නැවත ලබා ගැනීම සතුටක් බවට පත් කරන්න. ඔබ දැනටමත් ව්‍යාපාරයක් අරබා ඇත්නම් අන් කිසිවක් කිරීමට ප්‍රථම පාරිබෝගික සේවය හොදින් කිරීමට පටන් ගැනීමෙන්  ඔබගේ ව්‍යාපාරය අනිවාර්‍යන්ම සාර්ථක කර ගත හැකිය.

9 සේවාවන් අඩාල නොවීමට වග බලා ගන්න.

           ව්‍යාපාරයක දියුණුවට හා ඉතා හොදින් නොකඩවා ලාබ ඉපයීමට නම් ඔබත් ඔබගේ සේවාවන් අඩාල නොකර නොකඩවා ලබා දිය යුතුය. ඔබගේ ව්‍යාපාරයේ සාර්ථක දිගු ගමනකට එය ඉතා වැදගත් බව හොදින් මතක තබා ගන්න. කිසි විටක සේවය අඩාල කර ඔබගේ වටිනා පාරිබෝගිකයන් වෙනත් මගකට යොමු කරවන්න එපා. ඔබගේ ව්‍යාපාරය ඉතා හොදින් සැලසුම් කර පාලනය කිරීම තුලින් එය අඩාල නොවී තබා ගැනීමට හැකිවනු ඇත.

10 ඔබගේ උත්සහය අත අරින්න එපා.

          රෝම අදිරාජ්ජ්‍ය එක් රැයකින් ගොඩ නොනැගූ බව ඔබ අසා තිබේද?  එමෙන්ම කෙනෙකුට එක් රැයකින් සාර්ථක වීමට නොහැකි බවත් ඔබ දන්නවා ඇති. එමනිසා කිසි විටක උත්සහය අත අරින්න එපා. ඔබගේ ව්‍යාපාරය සුලුවෙන් හෝ අරබා සුලුවෙන් හෙමිහිට දියුණු කර ගන්න. නිතරම සුහදශීලී සහ සිත් ඇදගන්නා සහ ඔබටත් පාරිබෝගිකයන්ටත් පාඩු නොවන සේවයක් ලබා දෙන්න. පාරිබෝගිකයන්ට ඔබගේ ව්‍යාපාරයට හුරු වීමට කාලයක් ලබා දෙන්න. එවිට ඔබ නොදැනුවත්ම ඔබගේ ව්‍යාපාරය සාර්ථක වනු ඇත. සාර්ථකත්වයේ ප්‍රදානම අංගයක් නම් නොපසු බට උත්සහයයැයි අමතක නොකරන්න. අපගේ නොපසු බට උත්සහයෙන් ජීවිතය ජයගත් ප්‍රසිද්ධ මිනිසුන් පස් දෙනෙක් යන ලිපියද කියවන්න.

           ව්‍යාපාරයක් ආරම්භකර හැසිරවීමට ලාබදායී සහ බොහෝ අභියෝගාත්මක දෙයක් විය හැකියි. නමුත් ඔබ හොද ඉලක්කයක් ඇතුව , විවෘත මනසකින් යුක්තව , නොපසු බට උත්සහයෙන් යුතුව එය කිරීමට හැකිනම් ඔබගේ ව්‍යාපාරයේ සාර්ථකත්වය කිසිවෙකුටත් නතර කල නොහැකියි. එමෙන්ම ව්‍යාපාරය ගැනත් ව්‍යාපාර පාලනය ගැනත් ඉතා හොදින් ඉගන ගැනීමට අමතක නොකරන්න. මෙසේ ඔබට පොහොසත් විමේ පියවර තුලින් ඉතා ඉක්මනින්ම පොහොසත් ව්‍යාපරිකයකු විමට හැකි වනු නොවනුමානය.
මේම ලිපිය ගැන ඔබගේ අදහස් පලකර අපට සහයෝගය දක්වන මෙන් ඉල්ලා සිටිමි. මෙම ලිපිය ප්‍රොයොජනවත් යැයි සිතෙනම් ඔබගේ මිතුරන් සමගද facebook හරහා බෙදා ගැනීමටත් like කිරීමටත් අමතක නොකරන්න.

Labels: