ණය බරින් නිදහස් විමට පලවෙනි පියවර





ඔබ නිදහස් මිනිසෙක්ද? නැතිනම් වහලෙක්ද? ඔබ වහලෙක් නම් ඔබ ඔබගේ ණය නැමති සතුරන්ට බයවී පලා ගොස් සැගවී වහල්කම් කරමින් සිටිනු ඇත.
ඔබ නිදහස් මිනිසෙකුනම් ණය නැමති සතුරන්ට බය නොවී ඔවුන්ගෙන් ජයගෙන එම සතුරන්ට කිසි දින ඔබගේ රාජධානියට ලගාවීමටවත් ඉඩ නොතබනු ඇත.
 
ඔබ මුලින් තේරුම් ගතයුත්තේ ඔබගේ නියම හතුරා ණය මිසක් ඔබට ණය දූන් මිනිසුන් නොවන බවයි. මක් නිසාද ඔවුන් ඔබව විශ්වාසකර, ඔබට ඒ ණය ගෙවීමට හැකියි විශ්වාස කර ණය දූන් බැවිනි.
 
දෙවනුව ඔබ ඔබගේ සියලුම ණය ගනන් සදා බැලිය යුතුය. ඒ සදහා ඔබගේ අය වැයක් සාදාගැනීම අනිවාර්‍ය බැවින් ඔබෙ අය වැය සදාගන්න යන ලිපිද කියවා ඔබගේම අය වැයක් සදාගන්න ඉන් පසු ඒ ණය ගෙවීමට සැලස්මක් සදා එය ක්‍රියාත්මක කලයුතුය.
                ණය බරින් නිදහස්වීම ගැන වැඩි විස්තර ලගදිම බලාපොරොත්නතු වන්න.
මෙම කෙටි ලිපිය සම්බන්ද ඔබගේ අදහස් ඉතා වැදගත් බැවින් එම අදහස් පල කිරීමට අමතක නොකරන්න. එමෙන්ම මෙම ලිපිය ඔබගෙ මිතුරන් අතරෙ Facebook හරහා බෙදාගෙනීමටත් අමතක නොකරන්න.
 

 


 

Labels: