ණය ගැනීමට පෙර සිතන්න යමක්

 
           අපගේ ව්‍යාපරික සහ පුද්ගලික කටයුතු සදහා අප වෙන්කර ඇති මුදල්  ප්‍රමානය සමහර අවස්ථාවල මදිවන විට බැන්කු ණය හෝ පොලී ණයක් ගැනීමට පෙලබෙයි. එවන් අවස්ථාවකදී සලකා බැලිය යුතු ප්‍රදාන කරුනු කිපයක් හදූනා ගමු.

1 මුලින් ඔබට ණයක් ගැනීමට අවශ්‍යමද යන්න සිතා බලන්න. සමහර විට ඔබට ඔබගේ ඉතුරු කිරීමේ හෝ  තවත් කෙනෙකුගෙන් කුඩා අත මාරුවකින් ඔබගේ කාර්‍ය කර ගැනීමට හැකිවනු ඇත.
2 ඔබගේ පුද්ගලික සහ ව්‍යාපරික අය වැය පරික්ෂා කර ඔබට එම ණය මුදල ගෙවීමට පහසු හැකියාවක් ඇතිද කියා දැන ගන්න.
3 ඔබට ණයක් ගැනීමට අවශ්‍යම නම් ඔබට අවශ්‍ය මුදල් ප්‍රමානය හරියටම දැන ගන්න.එම ගන්නා මුදල්  වලින් සිදූ කිරීමට යන වැඩ කොටස ඉතා හොදින් සලසුම් කර ගන්න.එය ඔබ ණයට ගන්නා මුදල කිසි සේත් නොයෑමට ඉතා උපකරයක් වේ.
4 ඕනෑම අපහසු කාලයකදී වුවත් එම මාස්පතා ගෙවීමේ මුදල පහසුවෙන් ගෙවීමට හැකිදැයි හොදින් සිතා බලන්න.සමහර අවස්ථාවන් හිදී රැකියාව අහිමිවීම් ව්‍යාපරයේ ඇද වැටීම් වැනි හදිසි අවස්ථාවන් ඇති විය හැකිය. එම දේවල් ගනත් හොදින් සිතා බලන්න.
5 ණය ගැනීමේදී නිතරම ඔබගේ එම ණය සදහා වෙනම මුදලක් වැය වන බව හොදින් මතක තබා ගන්න.එම ණයට ඔබ ගෙවන පොලී  මුදල සේවා ගාස්තු වැනි අමතර වියදම් ණය ගැනීමේදී  අමතරව ගෙවීමට සිදූවන බව හොදින් මතක තබා ගෙන එයටද සූදානම් වන්න.
6 ඔබ ණය ගෙවන කාලය ගැන හොදින් සැලසුම් කර ගන්න. ඔබ ණය මුදල නැවත ගෙවීමේ කාලය  වැඩි වන තරමට ඔබ අමතරව ගෙවන මුදල වැඩි වන බව මතක තබා ගන්න.ඔබ රැගෙන ඇත්තේ බැන්කු ණයක් නම්  බෝවිට නැවත ගෙවීමේ සෑම අවස්ථාවකම පොලිය සමග ණය මුදලේ කොටසකුත් ගෙවෙන අතර පොලියට ගත් මුදලක් නම් ,ඔබ සම්පුර්න ණය ගෙවන තුරු පොලිය පමනක් ගෙවීමට සිදුවනු ඇත. එම නිසා  ඔබ මුදල් පොලියට ගත් තැනත්තාත් සමග සාකච්චාකර සෑම ගෙවීමේ වාර ගානකදීම පොලිය සමග ණය මුදලින් කොටසකුත් ගෙවීමට ඊලග වාරයට එම ගෙවු මුදලේ පොලිය අඩු කර ගැනීමටත් උත්සහ කරන්න.එය ඔබට විශාල අස්වැසිල්ලක් වනු ඇත.
7 ණය ගෙවීමට ඇබ්බැහි නොවීමට හොදින් වගබලා ගන්න. ඔබ ණයක් ගනීමේ දී එම ණය මුදලට ගෙවන පොලී මුදලට වඩා වැඩි මුදලක් එම ණය මුදලින්  ඉපඊමට සැලසුම් කර ගන්න. බොහෝ පුද්ගලයන් ණය ගනු ලබන්නේ තමන්ගේ එදිනෙදා වියදමට නැතහොත් යම් කිසි තමන්ට කිසි සේත් අවශ්‍ය නොවන දෙයක් ගැනීමට හෝ එවැනි දෙයක් කිරීමටය. නමුත් ඔබ ඔබට මුදල් ඉපයීමේ ආයෝජනයක් සදහා ණය ගත හොත් ඔබ එම ගත් ණය ගෙවා අවසාන වු පසු ඔබට ඉතා හොද මුදල් ඉපඉමේ මර්ගයක්ද හිමිවනු ඇත.එම නිසා නිතරම ණය ගැනීමේදී එම මුදලින් ලාබ දායී සහ තව තවත් මුදල් ඉපයිය හැකි දෙයකට ආයෝජනය කිරීමට උත්සහ කරන්න.
           ඔබ ණය ගන්නේ තවත් ණයක වාරිකය ගෙවීමට නම් ඔබට පසුව එම ණය මුදල් දෙකෙහිම වාරිකය ගෙවීමට සිදුවනු ඇත
. එම නිසා ඔබගේ සාමන්‍ය ණය වාරිකය ඉතා හොදින් සලසුම් කර තවත් ණය නොගෙන ගෙවීමට උත්සහ කරන්න. ණය මුදල් යනු විටෙක ඉතා සුහද,
අපට උපකාර කරන්නාවු මිතුරෙකු වාගේම අප එම මිතුරාට හොදින් නොසැලකූ විට අපටම එරෙහිව නැගී එන ඉතා යානක සතුරකු බවත් හොදින් මතක තබා ගන්න. එම නිසා ඔබ ගන්නා ණය මුදලින් හොද ආයෝජනයක් කිරීමටත්, එම ණය නිසි ආකාරව ගෙවීමටත්, තවත් ණය නොවී සිටීමට ඔබගේ ආදායමෙන් කොටසක් ඉතුරු කිරීමටත් තරයේ සිතට ගන්න. ඔබට ණය බරින් තොර පොහොසත් අනාගතයක් ප්‍රර්ථානා කරමි.
 

ඔබ දැනටමත ණය ගෙන එම ණය ගෙවීමට උතසහ කරන කෙනෙකුනම ණයබරින් නිදහස් විමට යන ලිපි ඔබටයි.
මෙම ලිපිය සම්බන්ද ඔබගේ අදහස් ඉතා වැදගත් බැවින් එම අදහස් පල කිරීමට අමතක නොකරන්න. එමෙන්ම මෙම ලිපිය ඔබගෙ මිතුරන් අතරෙ Facebook හරහා බෙදාගෙනීමටත් අමතක නොකරන්න.
 

Labels: