ණය බරින් නිදහස් වීමට මාර්ගය.


ඔබත් ණයවී එම ණය ගෙවාගැනීමට අපහසුව තම මුලු ආදායමම ණය ගෙවීමට යොදවා තවත් මුදල් මදි කම නිසා තව තවත් ණය වන කෙනෙක්ද? එසේ නම් මෙ ලිපිය ඔබට බොහෝ උපකාරයක් වේ.
ණය බරින් මිදීමට මෙම ක්‍රම අනුගමනය කිරීම ඉතාමත් සරල උවත් එය අනුගමනය කිරීමේදී ඔබට එය නතර කිරීමට සිතෙනු ඇත. නමුත් මෙම ක්‍රම දිගටම කෙසේහෝ කරගෙන යාමෙන් ඔබට ණය බරින් නිදහස් වී ඉතා ඉක්මනින් පොහොසත් වීමේ පියවර රැගෙන පොහොසත් විය හැකිය. එය සිහියේ තබාගෙන ණය බරින් නිදහස් වීමට මාර්ග මොනවාද යැයි අප බලමු.

1 තව දුරටත් ණය වීමෙන් වලකින්න.

මොහොතක් සිතන්න. ඔබ ඉදිරියට පියවර දෙකක් තබා පසු පසට පියවර තුනක් තැබූ විට සිදුවන්නේ කුමක්ද? ඔබ ටිකෙන් ටික ඉදිරියට යනවා වෙනුවට පසු පසට ගමන් කරනවා නොවේද? ණය බරින් නිදහස් වීමට තවත් ණය ගැනීමෙන් සිදු වන්නේත් එයමයි. ඔබ එයින් නිදහස් වනවා වෙනුවට ඔබ තවත් ණය වන එකයි සිදු වෙන්නේ. ණයක් ගෙනීමට අත්‍යවශ්‍යම නම් මෙම  ණය ගැනිමට පෙර ලිපි කියවා හොදින් තෙරුම් ගන්න.

2 ඔබගේ වියදම් කිරීමේ පුරුදු සාදා ගන්න.

          හොදින් සිතා බලන්න සමහර විට ඔබ නිකරුනේ වියදම් කරන්නෙකු විය හැකියි. ඔබ දකින දකින දෑ මිලදී ගන්නා අයකු විය හැකියි. ඔබ අන් අයට අසල් වැසියන්ට පේන්න වියදම් කරන අයකු විය හැකියි. වහාම එම පුරුදු නවතා දමන්න. ඔබ යමක් මිලදීගෙනීමෙදී අවශ්‍ය සෑම දේම කොලයක ලියා එම ලියූ දේවල් නැවත නැවතත් පරික්ෂා කර අනවශ්‍ය සියල්ල කපා දමා අත්‍යවශ්‍ය දෑ පමනක් මිලදී ගන්න පුරුදුවන්න.

3 ඔබගේ වැටුප් සහ අනෙකුත්  මුදල් ඉපයීම වැඩිකර ගන්න.

ඔබගේ ඉපයීම වැඩි වන තරමට ඔබට ඉක්මනින් ණය ගෙවීමේ සහ පසුව මුදල්  ඉතිරි කිරීමේ වාසිය වැඩි වනු ඇත. ඔබ කරන රැකියාවේ දියුණු වීමට උත්සහ කරන්න. එයින් උසස් වීමක් හෝ පඩි වැඩි වීමක් සිදුවනු ඇත. වැඩි ප්‍රමානයක් අති කාල සේවයේ යෙදීමට උත්සහ කරන්න. ව්‍යාපරිකයෙක් නම්  වැඩි විකිනීම් ප්‍රමානයක් කිරීමට උත්සහ කරන්න, ව්‍යාපාරයදියුනු කර ගමන්න. කෙසේ හෝ අමතර ආදායමක් ලබා ගැනීමට යමක් ඉගෙනගන එය කරන්න උත්සහ කරන්න.

4 ණය ගෙවන අතරතුරත් ඉතිරිකිරීමට උත්සහ කරන්න.

ඔබගේ මුලු ඉපයීමෙන් 10%ක් වත් ඉතිරි කර ගැනීමට උත්සහ කරන්න. එසේත් නොමැතිනම්  කීයක් හෝ දැනට ඉතිරි කරන්න පුරුදු වන්න. එමෙන්ම තවත් කොටසක් හදිසි අවස්ථා සදහාත් ඉතිරි කිරීමෙන් ඔබට ප්‍රදාන ඉතිරි කිරීම් පසුව ආයෝජනය කිරීමකට තබා ගැනීමකට හැකිවනු ඇත. එසේ කිරීමෙන් ඔබට ඉක්මනින් පොහොසත් වීමේ පියවර රැගෙන පොහොසත් විමටද හැකිය.

5 ඔබට අය වැයක් සාදා ගන්න.

           ඔබගේ සියලුම වියදම් පාලනය කර ගැනීමට අය වැයක් සාදා ගන්න. එයින් ඔබගේ අමතර වියදම් කපා දමා වියදම් සියල්ල හරි ආකාරව ගනන් බලා ගැනීමට හැකි වනු ඇත. ණය බරින් නිදහස් වීමට අය වැය සාදා ගැනීම ඉතා අත්‍යාවශ්‍ය කාරනයකි. ඔබටම අය වැයක් සාදා ගැනීම උපදස් සදහා ඔබගේ අය වැය සාදා ගන්න යන ලිපිත් කියවන්න.

6 ඔබගේ ණය හිමියන් සමග සාකච්චා කරන්න.

          ඔබ ඔබගේ ණය හිමියන් සහ ණය ගෙවීමට ඇති බැන්කුත් සමග සාකච්චා කොට යම්කිසි පහසු ගෙවීමේ ක්‍රමයක් සාදා ගත හැකි දැයි සොයා බලන්න. බොහෝවිට ඔවුන් උපකාර කරනු ඇත. විශේෂයෙන් ඔබ පොලියට මුදල් ලබාගෙන ඇතිනම් ඔබ මාසික පොලිය පමනක් ගෙවන්නේනම් එම පොලියත් සමග මුලු මුදලින් කොටසක් වත් ගෙවීමට ද ඊලග සැම පොලී ගෙවීමකදිම එම මුදල අඩු කර පොලිත් මුලු මුදලින් තවත් කොටසකුත්  ගෙවීමටද සාකච්චා කර ගන්න බලන්න.  ඉන් පසු එම ආකාරයට නොකඩවා ගෙවීමටද වග බලා ගන්න.

          කිසි දිනක තමාට ණය දුන් අය සමග තරහ ඇති කර ගන්න එපා. ඔවුන් ඔබව විස්වාස කරයි ණය දී තිබෙන්නේ. මෙසේ ණය බරින් නිදහස් වීම හරියට තරබාරු කමින් මිදිමට ආහාර පාලනය කරනවා වැනිය. එය කීමට වඩා කිරීම බොහෝ අපහසු කාරනයකි. විශේෂයෙන්ම අනවශ්‍ය වියදම් කිරීමට සිතෙන විටදී. එහෙම නේද?

           මේ අතරම අපගේ අනෙකුත් ලිපිත් කියවා ඔබගේ මුදල් ඉපයිම වැඩි කර  ගැනීමටත් ඉතිරි කිරීමටත්, ආයෝජනය කිරීමටත්, එසේ කර පොහොසත් වීමේ පියවර තුලින් දිනක පොහොසත් වීමට උත්සහ කරන්න ඔබ කුමන තත්වයක සිටියත් එය ලගාවිය නොහැකි ඉලක්කයක් බව කිසිසේත් නොසිතන්න.
මේ ගැන ඔබගේ අදහස් පලකර අපට සහයෝගය දක්වන මෙන් ඉල්ලා සිටිමි. මෙම ලිපිය ප්‍රයොජනවත් යැයි සිතෙනම් ඔබගේ මිතුරන් සමගද facebook හරහා බෙදා ගැනීමටත් like කිරීමටත් අමතක නොකරන්න.

Labels: