අපගේම අය වැයක් සාදා ගනිමු


මුදල් හරියාකාරව පාලනය කර ගැනීමට අය වැයක් සාදාගනීම අපට ඉතා ප්‍රයෝජනවත් වේ. ඔබගේ දහඩිය මහන්සියෙන් උපයා ගන්නා මුදල් නිකරුනේ නැති නාස්ති නොවීමටත්, ඔබගේ අනාගත ප්‍රයෝජනය සදහා හා ආයෝජනය සදහා මුදල් ඉතිරි කර ගැනීමටත් නැති  නම් ඔබගේ ණය බරින් නිදහස් වීමටත් පුද්ගලික අය වැයක් සාදා ගැනීම ඉතා අත්‍යවශ්‍ය ක්‍රියාවකි.


          බොහෝ දෙනා තම අය වැය සාදා ගනීම අමාරු කාර්‍යක් කියාත් , බොහෝ මුදල් වැය වන කර්‍යක් කියාත්, අය වැය සාදා මුදල් පාලනය කිරීමට තරම් තමාට වත්කමක් නැතැයි සිතාත් හැමදාම දුගී දුප්පත් කමින් කිසි දිනක ජීවිතයේ ඉදිරියට නොයා ජීවත් වෙති.

          තමාටම පුද්ගලික හෝ තම නිවසේ වියදම් පාලනය කිරීමට හෝ තම ව්‍යාපාරයේ, ස්ව්‍යං රැකියාවේ මුදල් පාලනය කිරීමට අය වැයක් තමන් විසින්ම සාදාගනීම ඉතා පහසු වන අතර මෙම ලිපියේ ආකාරයට ඔබටම නොමිලේ එය කර ගත හැකිය.

          දැන් අප පියවරෙන් පියවර අපගේ අය වැය සාදා ගනිමු.

1 ඔබගේ සම්පුර්න මාසික ඉපයිම ගනන් සාදාදැන ගන්න: ඔබගේ මාසික වැටුප, ඕනෑම මාසික දීමනාවන් ,අමතර ඉපයීම් , ඔබ දැනටමත් ආයෝජනය කරන කෙනෙකු නම් එම මාසික ආදායම පිලිවෙලට ලියා එකතු කර ගන්න. ඔබගේ වැටුප එකතු කර ගැනීමේදි ඔබගේ අතට පැමිනෙන මුදල පමනක් එකතු කිරීමට වග බලා ගන්න.

2 ඔබගේ මාසික වියදම් ගනන් සාදා ගන්න: ඉහත ආකාරයටම මාසික වියදම් ප්‍රමානයත් ප්‍රධාන කොටස් වලට බෙදා පිලිවෙලට ලියා ගන්න. ප්‍රධාන වියදම් නම් ආහාර ,ඇදුම් පැලදුම්, ගමන් වියදම්, බෙහෙත්, අමතර වියදම් සහ  ඔබ කුලී නිවසක වෙසෙන අයකු නම් එම මුදල්ද වියදම් කොටසටම ඇතුලු කිරීමට අමතක නොකරන්න. තවද ඔබ යම් කිසි වාරික ගෙවීමක් සිදු කරන්නේ නම් ඒවාද ඇතුලත් කරන්න.

3 ඉන් පසු ඔබගේ මුලු ආදායමින් මුලු වියදම අඩුකර බලන්න. එවිට ඔබට දැක ගත හැකිවේ ඔබගේ ආදයම සහ වියදම් කිරීමේ වෙනස. එසේ බැලීමේදී ඔබගේ ආදායම වියදමට වඩා වැඩිනම් ඔබට ඉදිරියට යා හැකිය. නැතහොත් ඔබට අනවශ්‍ය වියදම් කපාදැමීමට සිදු වෙනු ඇත.

4 ඔබගේ ආදායම් සහ වියදම් කෙසේ උවත් අප අය වැය සෑදීමට සැරසෙමු. ඔබගේ ආදායම වියදමට වඩා වැඩි උවත් අනවශ්‍ය වියදම් ඇතොත් ඒවා කපා වියදම් පාලනයට පුරුදු වීමෙන් ඔබට පොහොසත් වීමේ මාර්ගයේ ගොස් පොහොසත් වීමට හැකිවනු නොවනු මානයි.

5 ඔබගේ ඉලක්ක සාදා ගන්න. ඔබගේ ඉලක්කය කුමක්ද? ඔබට මුදල් ඉතිරි කර ආයෝජනය කිරීමට පටන් ගැනීමට අවශ්‍යද? ඔබට ඉඩමක්, වාහනයක් ගැනීමට අවශ්‍යද? ඔබට ණය බරින් නිදහස් වීමට අවශ්‍යද? නැතහොත් ඔබට මුදල් ඉතිරි කර ගැනීමට පමනක් අවශ්‍යද? ඔබගේ ඉලක්කය කුමක් උවත් එයත් ලියා ගන්න. ඔබට ඉලක්ක කීපයක් තිබීමටත් හැකිය.

6 දැන් ඔබගේ වියදම් සහ ඉතිරි කිරීම් නැවතත් පිලිවෙලට ලියා ගන්න. නිවාස ආහාර පාන , ප්‍රවාහන, ඇදුම් පැලදුම් ,සෞක්‍ය වියදම්, ඉතිරි කිරීම් සහ  විනෝදාස්වාදය සදහාත් මුදලක් වෙන් කිරීමට අමතක නොකරන්න. තවද ඔබ කුමන වයස් සීමවක සිටියත් ඔබ පොහොසත් වීමේ මර්ගයේ ගමන් කිරීමට කැමති අයකු නම් අධ්‍යාපනය වෙනුවෙන්ද ඉතිරි කරන්න. මෙම වෙන් කිරීම් සදහා අමතර වියදම් ද එක් කර ගන්න.

7 එම ප්‍රදාන කොටස් වලට වෙන්කර ගත් කොටස් තුල කුඩා කොටස්ද වෙන් කර ගන්න. උදා. ආහාර නම් ප්‍රදාන කොටස තුල  හාල්, තුන පහ, ගෑස්, …. වැනි වියදම්ද වෙන්කර ඒවාට වියදම් වන මුදල් ප්‍රමානය ලියා ගන්න .ඔබට ඒ වියදම් ගැන වැඩි මතකයක් නැත්නම් හොදින් කල්පනා කර හෝ මාසයක් හෝ දෙකක් එම වියදම් ලියා ගෙන හෝ එයට ඇතුලත් කර ගන්න.

8 එම සටහන් සහ අය වැය වාර්තාව තබා ගනීමට ක්‍රමයක් තීරනය කර ගන්න. ඔබට ඔබගේ පරිඝනකයේ XL sheet එකක හෝ කුඩා පොතක ලියාගෙන හෝ මෙය සකස් කර ගත හැකිය. අතින් ලියන්නේ නම් පැහදිලිව ලියා ගැනීමට උත්සහ කරන්න.


9 ඔබ පොතක සටහන් කරන්නේ නම් එම පොත ඔබගේ ප්‍රදාන කොටස් ගනනට වෙන් කර ගන්න. එසේ කිරීමේ දී පොතේ මුල පිටු කිහිපයක් හිස්ව තබා ගැනීමට මතක තබා ගන්න.
10 දැන් ඔබගේ පොතේ මුල් පිටු කිහිපයේ ඔබගේ කලින් ලියා ගත් ආදායම් සහ වියදම්, ඉතිරි කිරීම් සමග පැහදිලිව ලියා ගන්න. ඉන් පසු ඔබ වෙන් කල කොටස් තුල මාසික වශයෙන් ඒ ඒ අදාල වියදම් ලියා ගන්න. එසේ ලිවීමේදී දින පතා වියදම් ලිවීමට තවත් කුඩා පොතක් තබා ගැනීම බොහෝ උපකාරී වේ.
මෙසේ ඔබගේ අය වැය සාදා ගැනීමෙන් ඔබට ඔබගේ සියලු අමතර වියදම් කපා හැර හොදින් ඔබගේ මුදල් ඉතිරි කිරීමට සහ එය ආයෝජනය කර පොහොසත් වීමේ මාර්ගයේ ගමන් කර පොහොසතකු වීමට හැකිවනු ඇත.
මේ ආකාරයටත් තව තවත් වෙනත් ආකාරයටත් අය වැය සාදා ගැනීමටත් එම අය වැය ලේඛන හරිආකාරව හැසිරවීමටත් අදාල දැනුම මෙම ලිපි මගින් ඔබට තවත් ඉගන ගැනීමට හැකිය
මේ ගැන ඔබගේ අදහස් පලකර අපට සහයෝගය දක්වන මෙන් ඉල්ලා සිටිමි. මෙම ලිපිය ප්‍රොයොජනවත් යැයි සිතෙනම් ඔබගේ මිතුරන් සමගද facebook හරහා බෙදා ගැනීමටත් like කිරීමටත් අමතක නොකරන්න.
 

 

Labels: