ව්‍යාපාරයේ දියුනුවට අත්‍යවශ්‍ය කරුනු 10ක්.


ව්‍යාපාරය දියුනුව කරා ගෙන යාමට එම ව්‍යාපාරය මුලසිටම හරි ආකාරව සැලසුම් කර ඉතා උනන්දුවෙන්, බොහෝකැප කිරීමෙන් යුතුව ක්‍රියා කිරීමට එම ව්‍යාපාරයේ හිමි කරුවාට සිදුවනු ඇත. මෙම ලිපිය තුලින් අප සොයා බලන්නෙ ඔබ ව්‍යාපාරයක් සුලුවෙන් හෝ ආරම්බ කිරීමේදී සැලකිය යුතු ප්‍රදාන කරුනු 10 කි.

          ව්‍යාපරයක දියුනුව තිරනය වන්නේ බොහෝවිට ඔබ එයට දක්වන උනන්දුව, ආදරය සහ දැඩි උත්සහය මතයි. අප මෙතැන් පටන් එම අත්‍යවශ්‍ය කරුනු පැහැදිලි කර ගැනීමට උත්සහ දරමු.

1 ඔබගේ ව්‍යාපාරයට ආදරය කරන්න.

          ව්‍යාපාරයක් ආරම්බයේදී මුලින්ම සොයා බැලිය යුත්තේ ඔබ එයට ආදරය කරන වාද යන්නයි. ඔබ ඔබගේ ව්‍යාපාරයට ආදරය නොකරයි නම් එය වැඩි දුරක් යයි කියා බලාපොරොත්තු වීම නිෂ්පල ක්‍රියාවකි. බොහෝ දෙනෙක් තවත් කෙනෙකු කරන නිසා ව්‍යාපාර අරබා තම මුදල්ද වැයකර තවත් ණය වී බන්කලොත් වෙති. එයට හේතුව නම් එම ව්‍යාපරයට නියම ආදරයක් නොකිරීමයි. ඔබ ඔබගේ ව්‍යාපාරයට ආදරය කරන්නෙකු නම් එයට කඩා වැටීමට කිසි සේත්ම ඉඩ නොදෙනු ඇත. එමෙන්ම ඔබගේ ව්‍යාපාරයද ඔබට ආදරය කරනු ඇත.

2 හොදින් සැලසුම් කරන්න.

          සාර්ථක ව්‍යපාර ගැන කියවා ඉගන ගන්න. උසස් සාර්ථක ව්‍යාපාරිකයන්ගේ අදහස් ඉගන ගන්න.  එවිට ඔබගේ ව්‍යාපාරයත් සැලසුම් කිරීමට ඉතා පහසු වනු ඇත.( Business plan) ව්‍යාපාර සැලසුමක් යනු පොත් ගනන් ලිවීමට අවශ්‍ය දෙයක් නොව. එමෙන්ම එය ඔබත් සමගම  නිතරම  වර්ධනය වන  දෙයක් යැයි හොදින් මතක තබා ගන්න.එනම් ඔබට අවශ්‍ය ඕනෑම වෙලාවකදී ඔබගේ ව්‍යාපාර සැලසුම සංස්කරනය කර ගත හැකිය. මුලින්ම ඔබගේ සිතතුල ව්‍යාපාරය ගොඩ නගා එම අදහස් ලියාගෙන තැබීමම ව්‍යාපාර සැලස්මේ ආරම්බය බව මතක තබාගන්න.

3 කුඩා පියවර තබන්න.

නිතරම ඔබගේ සැලසුමේ ආකාරයට ඉතා කුඩා පියවර තැබීමට මතක තබා ගන්න. මහා පරිමානෙන් ඇරබීමට උත්සහ නොකර ඉතා කුඩාවට පර්‍යෂනාත්මක ආකාරයට ව්‍යාපාරය ඇරබීමත් පසුව වර්ධනය කර ගැනීමටත් උත්සහ කරන්න. මෙය ඔබගේ ව්‍යාපාරයේ හොද සාර්ථකත්වයකට වාගේම ඔබගේ මුදල් ආරක්ෂා කර ගැනීමට ඉතා හොද ක්‍රමයකි. මෙම ක්‍රමයෙන් ඔබගේ  ව්‍යාපාරය හොදින් සමබර කර ගැනීමටත් හැකිවනු ඇත. යම් හෙයකින් එම අදහස් අසාර්ථක උව හොත් සුලු මුදල් ප්‍රමානයක් යෙදවීම නිසා ඔබට වැඩි පාඩුවක් සිදුනොවනු ඇත.

4 අන් අයගෙන් ඉගන ගන්න.

          සාර්ථක ව්‍යාපාරිකයෙක් තම අදහස් ක්‍රියාත්මක කිරීමට ප්‍රථම එම අදහස්වලට ගැලපෙන තවත් ව්‍යාපාරයක රැකියාවක් කරීම ඉතා වැදගත්ය. අවුරුදු කීපයක් එවන්  ස්ථානයක රැකියාවක් කිරීමට හැකිනම් එය ඔබගේ ව්‍යාපාරයට හොද ආරම්බයක් ලබා දෙනු ඇත. එසේ රැකියාව කරන විට ඔබට ඔබගේම ව්‍යාපාරයක් ස්දහා ඉලක්කයක් ඇති බැවින් සියලුම දෑ එම ව්‍යාපාරය ගැන ඉගන ගැනීමට හැකි වනු ඇත. එම ව්‍යාපාරයේ දුර්වල තැන් දැන ගෙන ඒවා සාදා ගැනීමට හැකි ආකාරයන් දැන ගන්න. එමෙන්ම එම ව්‍යාපාරයේ වර්ධනයට දවශ්‍ය දෑ හොදින් සොයා බලන්න. පසුව ඒවා ඔබගේම ව්‍යාපාරයට අදාල කර ගැනීමට මෙයින් ඔබට හැකි වනු ඇත.
එසේ ඉගන ගත් පසුව ඔබ ව්‍යාපාරය අරබන විට එම ඉගන ගත් ආයතනයට තරග කරුවකු නොවී එයට තරමක් දුරකින් ආරම්බ කිරීමට අමතක නොකරන්න.

5 සෑම අස්සක් මුල්ලක්ම දැන ගන්න.

          ඔබගේ ව්‍යාපාරයේ සෑම අංගයක්ම ගැනම ඉගන ගැනීමට උත්සහ කරන්න. ඔබ ව්‍යාපාරයේ හිමි කරු හැටියට ඔබගේ ව්‍යාපාරයේ හැම අංගයක් ගැනම ඉතා කෙටියෙන් හෝ දැන ගෙන සිටීම ඉතා වැදගත් වේ. ව්‍යාපාරයේ මුල සිට අගටම එනම් ව්‍යාපාර අදහස් , අලෙවි, විකුනුම්, පාරිභෝගික සේවා, මූල්‍යමය යන අංශ ගැන ටික ටික උවත් ඉගන ගැනීම ඔබට මහගු පිටුවහලක් විය හැකිය. මෙසේ කිරීමෙන් ඔබට පටන් ගැනීමේදී ව්‍යාපාරයේ සෑම අංගයක්ම හැසිර වීමටත් ,  ඔබ එම අංග සදහා සේවකයන් ගත් පසුත් එම සියලුම අංග තේරුම් ගැනීමටත් හැකි වනු ඇත.

6 නිතරම ක්‍රියාකිරීමේ ක්‍රියාත්මක වී සිටින්න.

          සාර්ථක ව්‍යාපාරිකයන් යනු තම නින්දේදී පවා තම ව්‍යාපාරය ගැන සිතන නව සැලසුම් මවන පුද්ගලයන්ය. එම නිසා ඔබටත් ඔබගේ ව්‍යාපාරය සාර්ථකත් වයකට ගෙන යාමට නම් දවසේ පැය  24 ම, සතියේ දවස් 7ම ව්‍යාපාරය ගැනම ක්‍රියාත්මක වීමට සිදු වනු ඇත. ඔබට කිසිදු ලෙඩ නිවාඩුවක් වත් නොමැතිව ක්‍රියා කිරීමට සිදුවනු ඇත. සැලස්මකට වැඩ කිරීමෙන් ඔබට එය හොදින් කර ගත හැකිය. (මෙසේ කිරීමට සිදු වන්නෙ ව්‍යාපාරයේ මුලදී විතරක් බව හොදින් මතක තබා ගන්න. ඒ සදහා ඔබගේ පවුලේ සාමාජිකයන්ගේ අදහස් හා උදව් ගැනීමට අමතක නොකරන්න.)

           මා මෙසේ කියනා විට මාව විශ්වාස කරන්න. ඔබ ඔබගේ ව්‍යාපාරයට ඇත්තටම ආදරේ කරනවානම් ඔබට රැයක් දවාලක් නොදැනෙනු ඇත. කිසිදු ලෙඩක් නොදැනෙනු ඇත. ඔබ උද්යෝගීමත්ව ඔබගෙ ව්‍යාපාර වර්ධනයේ යෙදෙන්නකු නම් නිතරම ක්‍රියාකිරීමේ ක්‍රියාත්මක වී සිටින්න

7 අනන්‍ය තාවක් සාදා ගන්න.

          හොද නමක් සාදා ගැනීමට බොහෝ කාලයක් වැය කල යුතු උවත් එම හොද නම පලුදු කර ගැනීමට එක් නිමේශයකින් හැකි බව ඔබ දන්නවා ඇත. එම නිසා ඉතා හොද අනන්‍ය තාවයක් සාදා ගන්න. එමෙන්ම එම අනන්‍ය තාවය රැක ගැනීමට ජීවිතය පර දුවට තබා ක්‍රියාත්මක වෙන්න. හ්ම්ම්....... බය උනා නේද? තම ව්‍යාපාරයේ අන්නය තාවය රැකීමට ජීවිතය පරදුවට තැබීමට අවශ්‍ය නැත. ඔබ කල යුත්තේ ඔබගේ ව්‍යාපාරයේ අනන්‍ය තාවය රැක ගැනීමට හොද සැලස්මක් සහ හොද ඉදිරි දැක්මක් සාදා ගැනීම පමනයි.

8 ඔබගේම විශේෂ කාර්‍ය බලකායක් සාදා ගන්න.

 ඔබගේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට ඔබටත් විශේෂ කාර්‍ය බලකායක් අවශ්‍ය වනු ඇත. එම බලකායේ ප්‍රදානියා ඔබ වන අතර අනෙකුත් සාමාජිකයනුත් ඔබම වේ. එනම් අප කලින් කියූ අකාරයට ඔබ ඔබගේ ව්‍යාපාරයේ මුල සිට අගටම සිදුවිය යුතු දෑ ගැන හොදින් ඉගන ගන්න. එපමනක් නොව මෙම බලකායට සහායකයින් ලෙස ඔබට තවත් අය යොදා ගත හැකිය. එනම් ඔබට ඔබගේ පවුලේ අය, විශ්වාස වන්ත යාලුවන් පවා ඇතුලත් කර ගත හැකිය. එමෙන්ම පසුව ඔබගේ ව්‍යාපාරය වර්ධනය වනවිට ඔබට ඉතා උසස් දැනුමක් ඇති ව්‍යාපාරයේ ප්‍රදාන කොටස් සම්බන්දයෙන් විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයන් උවද මුදල් ගෙවා ලබා ගත හැකිය. දැනට ඔබට ව්‍යාපාරය සම්බන්දයෙන් දැන ගැනීමට අප ව්‍යාපාරයේ ප්‍රදාන අංග සහ ඒ අංග ගැන ඔබ දැන ගත යුතු දෑ සම්බන්දව ලගදීම තවත් ලිපියක් පල කිරීමට බලාපොරොත්තු වේ.

9 ඔබ කිසි දිනක ප්‍රමාද නැත.

          ඔබ මෙම ලිපිය කියවන විට ඔබගේ වයස, හැකියාව හෝ ශක්තිය  ගැන සිතා ඔබ ප්‍රමාද වැඩි යයි සිතනවාද? එසේනම් ඔබ සම්පූර්නයෙන් වැරදියි. ඔබ කිසි දිනක කිසි සේත් ප්‍රමාද නැත. KFC යන නාමය ඔබ හොදින් අසා නැතුවාට කිසිදු සැකයක් නැත. එසේ නම් ඔබ දන්නවාද? ලෝකප්ප්‍රකට KFC සමාගම ආරම්බ කල Colonel Harland Sanders කොලොනෙල් හාලන්ඩ් සැන්ඩර්ස් නම් පුද්ගලයා එය ආරම්බ කලේ තම රැකියාවෙන් ව්ශ්‍රාම ගොස් සිටින විට බව. එසේම ලෝප්‍රකට ව්‍යාපාරිකයන් අතරට තම මහලු වියේදී පැමින ව්‍යාපාර ආරම්බ කල ව්‍යාපාරිකයන් බොහෝ ඇති බව හොදින් මතක තබා ගන්න. ඔවුන් ගැන වැඩි විස්තර සදහා  කියවීමට යමක් ලිපි කියවන්න.

10 ඔබගේ ක්‍රියා කලාපය නිවැරදි කර ගන්න.

          ව්‍යාපරයක් ආරම්බ කරන්නාගේ ක්‍රියාකලාපය සහ ඔහුගේ චරිතය එම ව්‍යාපාරයේ දියුනුවට විශාල ලෙස බලපාන බව ඔබ දන්නවාද? ඔබ ඝෘණාත්මකද?, කම්මැලිද?, මුදල් සහ කාලය හරි ආකාරව පාලනය කල නොහැකිද?, ලෝබද?, ආත්මාර්ථකාමීද? යන වැරදි චරිත ලක්ෂන වලින් යුත් ක්‍රියා කලාපය ඔබගේ ව්‍යාපාරයේ වර්ධනයට විශාල බාදාවක් වනු ඇත.

          ඔබගෙන් වැරදි සිදුවූ විට එය පිලි ගැනීමත් ඒවා සාදා ගැනීමත් යන කරුනු ඔබව සාර්ථක ව්‍යාපරිකයෙක් පමනක් නොව ඉතා උසස් නායකයකු බවටත් පත් කරනු ඇත.

          ඔබගේ ව්‍යාපාරයේ දියුනුවට මෙම කරුනු 10 ඉතා වැදගත් වේ. එමෙන්ම ඔබගේ ව්‍යාපාරයේ දියුනුවට ඔබගේම චරිතය පවා සාදා ගතයුතු බව ඔබට මෙම ලිපියෙන් වැටහෙන්නට ඇත. ඔබගේ මනස සහ ශරීරය ගැනත් උනන්දුවෙන් ක්‍රියා කිරීම ඉතාමත්ම වැදග්ත්‍ය. ව්‍යායාම කිරීම, හොද ආහාර ගැනීම, හොද නින්ද යන දෑ අත්‍යවශ්‍ය බව හොදින් මතක තබා ගන්න. තවද සාර්ථක ව්‍යාපාරිකයින් සෑමදිනකම සියලුම ක්‍රියාවන් සදහා කාල සටහනක් තබා ගැනීමට අමතක නොකරයි. එය පවුද්ගලික හා ව්‍යාපාරික ජීවිතයේ සියලු කටයුතු මග නොහැර කිරීමට ඉතා උපකාරීවේ. තවත් අත්‍යවශ්‍යම කාරනයක් වන්නේ වෙලාවට වැඩ කිරීමයි. මෙවන් තවත් ලිපි තුලින් අප හමු වන තුරු ඔබටත් ඔබගේ ව්‍යාපාරය සාර්ථකව කර ගැනීමටත මාගේ  සුබ පැතුම්.

          ව්‍යාපාර දියුනු කර ගැනීමේ ලිපිත් කෝටිපති මනසේ පලවන අනෙකුත්  ලිපිත් කියවීමට අමතක නොකරන්න.
මේම ලිපිය ගැන ඔබගේ අදහස් පලකර අපට සහයෝගය දක්වන මෙන් ඉල්ලා සිටිමි. මෙම ලිපිය ප්‍රොයොජනවත් යැයි සිතෙනම් ඔබගේ මිතුරන් සමගද බෙදා ගැනීමටත් like කිරීමටත් අමතක නොකරන්න.

Labels: