ඔනෑම අයෙකුට පිලි පැදිය හැකි පහසු මුදල් පාලන ක්‍රමයක්.




පොහොසත් මිනිසුන් තම මුදල් හොදින් පාලනය කරන අතර දුප්පත් මිනිසුන් තම මුදල් හොදින් වැරදි ලෙස පාලනය කරයි.
T.Harv Eker

          අප බොහෝ දෙනකු මාසික වැටුපක සිට තවත් මාසික වැටුපක් කරා ජීවත් වන අතර අවසානයේ අපට කොතරම් මහන්සි උවත් කිසිත් ඉතුරු නොවේ. බොහෝ දෙනෙකුට ඉතිරි වන්නේ වැඩි වන ණය වීම් පමනයි. නමුත් අපට අපගේ මුදල් වියදම් කිරීමේ සුලු පාලනයක් සිදු කර  එම තත්වයෙන් මිදී පොහොසත් වීමට හැකි බව ඔබ දන්නවාද? එම ක්‍රමය දැනගැනීමට මෙම ලිපිය දිගටම කියවන්න.


 බොහෝ මිනිසුන්ට මූල්‍යමය ප්‍රශ්න ඇත්තේ ඔවුන්ගේ ඉපයීම අඩු කම නිසා නොව, උපයන මුදල හරි ආකාරව පාලනය කිරීම ගැන ඇති මද අධ්‍යාපනය නිසා බව ඔබ දන්නවාද? එසේනම් මෙම ඉතා සරල, ඕනෑම අයකුට පිලිපදිය හැකි මුදල් පාලන ක්‍රමය ඔබත් ක්‍රියාවට නන්වා බලන්න.

  මෙම මුදල් පාලන ක්‍රමය Secrets Of The Millionaire Mind: Think Rich To Get Rich  පොතේ කතුවරයා වන T.Harv Eker මහතා ගේ ඉගැන් වීමකි.

           මෙම මුදල් පාලන ක්‍රමයේ අදහස වනුයේ ඔබගේ සියලුම ඉපයීම් කොටස් 6 යකට බෙදා ඒවා බැන්කු ගිනුම් 6යක හෝ නිවසේම කුඩා බදුන් 6යක සුරක්ෂිතව වෙන් කර ප්‍රයෝජනයට ගැනීමයි.

ඒ ආකාරයට මුදල් වෙන් කර ගන්නේ මෙසේයි.

1 පලවෙනි බදුන හෝ ගිනුම: මූල්‍යමය නිදහසේ ගිනුම (FFA) Financial Freedom Account)

          මෙම බදුනට ඔබගේ සියලු ඉපයීමෙන් 10% ක් දැමිය යුතු අතර එය භාවිතා කල යුත්තේ ආයෝජනයට පමනයි.එය ඔබට තව තවත් මුදල් ඉපයීමේ සහ ඔබව මූල්‍යමය නිදහස කරා ගෙනයාමට භාවිතා කල යුතුය.

2 දෙවෙනි බදුන හෝ ගිනුම: වියදම් කිරීම සදහා දිගුකාලීන ඉතිරි කිරීම්  (LTSS) Long Term Savings For Spending)

          මෙයටත් ඔබගේ ඉපයීමෙන් 10%ක් යොදවන්න. එමෙන්ම එම ඉතිරි කිරීම ඔබට වාහනයක්,  නිවසට අලුත් ගෘහ භාන්ඩයක් හෝ නිවාඩුවක් ගත කිරීමට වියදම් කිරීමට පවා හැකිය. ඔබට ණය ගෙවීමට ඇතිනම් මෙම ඉතිරි කිරීමෙන් මුදල් ගන්න. නමුත් පලමු ඉතිරි කිරීමෙන් ගැනීමෙන් වලකින්න.

3 තුන් වන බදුන හෝ ගිනුම: අධ්‍යාපනය සදහා   (EDUC)  Education

          ඔබ ඉගන ගන්නා තරමට ඔබට වැඩි වැඩියෙන් මුදල් ඉපයිය හැකිය. පොහොසත් මිනිසුන් නිතරම යමක් ඉගනීමට උත්සහ කරන අතර දුප්පතුන් ඉගනීමට කිසිදු උත්සහයක් නොකරයි. එම නිසා ඔවුන් සැමදා දුප්පත්ව ජීවත් වන්නේ. ඔබගේ පලමු ඉතිරි කිරීමේ කොටස  ආයෝජනය කිරීම සදහා ඔබ කිසිම ක්‍රමයක් නොදන්නෙ නම් ඔබ තවත් ඉගන ගත යුතු බවට හොදම සලකුනයි. ඉගන ගැනීමට වියදම් කිරීම ඇත්තේන්ම වටිනා ආයෝජනයක් බව අමතක නොකරන්න.

4 හතරවන බදුන හෝ ගිනුම: එදිනෙදා අවශ්‍ය තාවයන් සදහා (NEC) Necessities

          එයට ඔබගේ ඉපයීමෙන් 55%ක් යොදවන්න. මෙය ඔබගේ එදිනෙදා වියදම් සදහා භාවිතා කරන්න. ඔබට එදිනෙදා වියදමට මෙම මුදල් ප්‍රමානවත් මදිනම් ඔබ කලයුත්තේ,

1 ඔබගේ වියදම් සරල කර ගන්න. අමතර වියදම් කපාහැර වියදම අඩු කර ගන්න උත්සහ කරන්න.මේ සදහා වැඩි විස්තර ඔබගේ අය වැය සාදාන්න යන ලිපි තුලින් දැන ගත හැකිය.

2 මුදල් ඉපයීම වැඩිකර ගන්න. ඔබට තවත් අමතර මුදල් හෝ උපයන මුදල් වැඩි කර ගැනීමට ක්‍රමයක් සිතා බලන්න. අපගේ රැකියාවේ දියුණුව, ව්‍යාපාරයේ දියුණුව මෙයට උපකාරී වේ.

          ඔබ මේ දෙකම කර ගැනීමෙන් උපයන මුදල් සහ ඉතුරු කරන මුදල් දෙගුන කර ගත හැකිය.

5 පස්වන බදුන හෝ ගිනුම: විනෝදාශ්වාදය සදහා (Play )

          මෙයට 10% ක් යොදවන්න. බොහෝ මිනිසුන් වියදම් කරන්නන් සහ තවත් මිනිසුන් ඉතුරු කරන්නන් උවත් ඒ දෙකම සමබරව කරන්නන් ඉතා දුලබය. ඔබ පොහොසතකු වීමට සිතන්නේ නම් පොහොසතකු ලෙස ඉද හිට හෝ වියදම් කල යුතුය. එයට මෙම මුදල් යොදවන්න. මාස් පතා හෝ මාස කීපයකට වරක් පොහොසතකු මෙන් යම් වැදගත් දෙයකට වියදම් කරන්න.

6 හය වෙනි බදුන හෝ ගිනුම වෙන් කරන්නේ: දන් දීම සදහායි (Give)

           එයට ඔබගේ ආදායමෙන් 5% ක මුදලක් වෙන් කරන්න. මෙම මුදල අසරන දුගී දුප්පතුන්ට හෝ අනාථ නිවාසයකට, මහලු නිවාසයකට හෝ දුප්පත් පාසලක දරුවන්ට පොත් හෝ ඕනෑම දානමය ආධාරයකට යොදවන්න. එය ඔබගේ පොහොසත් වීමේ ආශාවේ එක් ඉලක්කයක් කර ගන්න. එම ආධාර ඔබට අවුරුද්දකට වරක් උවත් කිරීමට හැකිය.
          මෙම මුදල් පාලන ක්‍රමය ඉතා සරල බව ඔබට වැටහෙනවා නොවෙද? එමෙන්ම එම සෑම ඉතිරි කිරීමේ කොටසකටම එයටම ආවේනික දෙයක් කිරීමටද ඇත. එම නිසා ඔබ ඒ බදුන් හෝ ගිනුම් 6යම කොටස් කිරීම ඉතාමත් වැදගත්. මෙම ක්‍රමය පිලි පැදීමේදී මුලදි වෙන් කරන මුදලේ යම් යම් වෙනස් කම් සිදු කිරීමට සිදු උවත් පසුව හෝ එම කොටස් කිරීම හරි ආකාරයට සිදු කිරීමට උත්සහ කරන්න. එමෙන්ම මෙය කිරීම ජීවිතයේ ප්‍රදාන  අංගයක් කර ගන්න. මන්ද එය ඔබගේ පොහොසත් වීමේ පියවරට ඉතා වැදගත් වනු ඇත.

ඉතිරි කිරීම ගැනත්, ඉතිරි කිරීමේ ක්‍රම ගැනත් තව තවත් ඉගෙනගැනීමට අපගේ ඉතිරි කීරීම යන ලිපිත් කියවන්න.

මේම ලිපිය ගැන ඔබගේ අදහස් පලකර අපට සහයෝගය දක්වන මෙන් ඉල්ලා සිටිමි. මෙම ලිපිය ප්‍රොයොජනවත් යැයි සිතෙනම් ඔබගේ මිතුරන් සමගද බෙදා ගැනීමටත් like කිරීමටත් අමතක නොකරන්න.

Labels: ,