මුදල් ඉතිරි කිරීමේ අවවාද.


ඉතිරි කිරීමේදි බොහෝ දෙනෙකුට අපහසුම දේ එය ආරම්භ කිරීමයි. මාසිකව ඉතිරි කල හැකි මුදල් ප්‍රමානය ගනන් සාදා , යම්කිසි ඉලක්කයක් කරා ඉතිරි කිරීමට කොපමන කාලයක් ගත වේද යන්න ගැන සිතාම, එයට ගතවන කාලය නිසාම, ඉතිරි නොකිරීමටත් බොහෝ අය පෙලබේ.නමුත් ඉතිරි කිරීමටත් එම ඉතිරි කිරීම සැලකිය යුතු කාලයක් තුල වර්ධනය කර ගැනීමටත් ක්‍රම ඇති බව ඔබ දන්නවාද? මෙම ලිපියෙන් ඔබට නිසි ආකාරව ඉතිරි කරන්නේ කෙසේද යන්න දැන ගත හැකිවේ.



1 ඔබගේ වියදම් සටහන් තබා ගන්න.

          ඉතිරි කිරීමට ප්‍රථම පියවර නම් ඔබගේ ඉපයීම් සහ වියදම් හරි ආකාරව සටහන් කර දැන ගැනීමයි. එක මාසයක් ඔබගේ වියදම් සටහන් තබා එම මාසයේ සියලු වියදම් සහ ඉපයීම් දැන ගන්න. මේ ගැන වැඩි විස්තර ඔබගේ අය වැය සාදාගැනීමේ ලිපි මගිනුත් ඉගන ගත හැකිය. එම වියදම් සහ ඉපයීම් ලියා ගැනීමේ දී ඒ ඒ සුලු වියදම් කොටස් කර ප්‍රදාන කොටස් යටතේ ලියා ගැනීම ඔබට පහසු වනු ඇති. උදා. ආහාර, නිවාස, ඇදුම් පැලදුම් යනාදිය.

2 ඔබගේ අය වැය සාදා ගන්න.

          ඔබගේ වියදම් ලිවීමෙන් පසු ඔබට ඔබගේ වියදම් සහ ඉපයීම් සම්බන්දව හොද දැනුමක් ඇති යයි මා සිතමි. දැන් ඔබට ඔබගේම අය වැයක් සාදා ගනීමෙන් ඔබගේ වියදම් හරි ආකාරව සැලසුම් කර ගත හැකිය. මේ සදහා වැඩි විස්තර ඔබගේ අයවැය සාදාන්න යන ලිපි තුලින් දැන ගත හැකිය. දැනට මූලික වියදම් සහ අනෙකුත් අමතර වියදම් වලට දල වශයෙන් වැයවන මුදල් ප්‍රමානය වෙන වෙනම ලියන්න.

3 ඉතිරි කිරීමේ සැලස්මක් සාදා ගන්න.

          ඔබගේ පොහොසත් වීම සදහා මුදල් ඉතිරි කිරීමේ නියම ක්‍රමය නම් ඔබගේ සෑම ඉපයීමකින්ම 10% ක් සම්පුර්නයෙන්ම ඉතිරි කිරීමයි. එය ඔබ ඔබටම ඔබගේ අනාගත පොහොසත්කම උදෙසා පමනක් වෙන් කර ගන්න. තවද හදිසි අවස්ථාවන් සදහා වෙනම තවත් 10% ක් පමනද, තවත් කොටසක් එනම් තවත් 10% ක් පමන ඔබගේ අධ්‍යාපනික වර්දනය සදහාද වෙන් කර ගන්න. තවත් 10% ක් පමන යම් කාලයකට වරක් විනෝදාශ්වාදය සදහාද  ඔබට වෙන් කල හැකිය. ඔබගේ ආදායමින් 60% ක් වඩා අඩු ප්‍රමානයක් අත්‍යාවශ්‍ය මාසික වියදම් සදහා තබා ගැනීමට උත්සහ කරන්න. අනෙක්වා කෙසේ නමුත් අනාගත දියුණුව සදහා 10% ක් අනිවාර්‍යන්ම වෙන් කිරීමට උත්සහ දරන්න.

4 ඉතිරි කිරීමේ ඉලක්ක සාදා ගන්න.

          ඉතිරි කිරීමට ඉලක්ක සාදා ගැනීමෙන් ඉතිරි කිරීම ආරම්භ කිරීමට පහසු වන අතර කොපමන කාලයක් ඉතිරි කල යුතුද යන්න දැන ගත හැකිය.

කෙටි කාලීන.

a හදිසි අවස්ථාවන් සදහා.

b ආයෝජනය සදහා.

c ණය බරින් නිදහස් වීම සදහා.

d නිවාඩුවක් ගත කිරීම සදහා.

දිගු කාලීන සැලසුම්.

a  විශ්‍රාම වැටුපක් සදහා

b ළමුන්ගේ අධ්‍යාපනය සදහා

c  නිවසක් හෝ ඉඩමක් මිලදී ගැනීම සදහා.

d  වාහනයක් මිලදී ගැනීම සදහා.

5 ඔබගේ ප්‍රදානතම ඉතුරු කිරීම් වෙන් කර හදුනා ගන්න.

          ඉහත ඉතුරු කිරීමේ ඉලක්කයන් තුල ඔබට දැනට වඩාත් වැදගත් වන්නේ මොනවාද? ඒම වඩා වැදගත් දෑ හොදින් හදුනා ගෙන ඒවාට ප්‍රමුකස්ථානයක් ඉතිරි කිරීමේ සහ ඔබගේ අය වැය තුලින් ලබා දෙන්න.

6 විවිද ඉලක්කයන් සදහා විවිද ඉතුරු කිරීමේ හා ආයෝජනය කිරීමේ ක්‍රම.

කෙටිකාලීන ඉලක්ක සදහා

a  සාමාන්‍ය ඉතිරි කිරීමේ බැන්කු ගිනුමක්.

b  වැඩි පොලියක් සහිත ඉතුරු කිරීමේ ගිනුම්.

 c කෙටි කාලීන බැන්කු ආයෝජන ක්‍රමයක්.

d  යම් කාලයකට ස්ථීර තැන්පතුවක්.

දිගු කාලීන ඉලක්ක සදහා

a  ජීවිත ආරක්ෂක රැකවරණයක්.

b  විශ්‍රාම වැටුප් සැලස්මක්.

c  කොටස් වෙලදපල, Forex වෙලදපල සහ තවත් එවැනි ආයෝජන ක්‍රම. මේ සදහා ඔබ හොදින් දැනුවත් විය යුතු බව මතක  තබා ගන්න.

7 ඔබගේ ඉතුරු කිරීම් ස්වංයක්‍රීයව සිදුවීමට සලස්වන්න.

          බොහෝ විට ඔබගේ වැටුප  ඔබගේ අතට පැමිනිය පසු එය ඔබට නොදැනීම වියදම් වී යා හැකිය. එමනිසා ඔබගේ වැටුප බැන්කු ගිනුමකට බැර කරන්න. නැත්නම් සියලුම මුදල් ඔබ විසින්ම බැන්කු ගත කරන්න. එමෙන්ම එම මුදල් ඔබගේ ඉතිරි කිරීම්, ජීවිත ආරක්ෂන සහ ආයෝජන  සදහා ස්වයක්‍රීයවම යෙදවෙන ආකාරයට බැන්කුවත් සමග සාකච්චා කර සාදා ගන්න. එය ඔබට බොහෝ පලදායී වනු ඇත.

8 ඔබගේ ඉතුරු කිරීම්  වර්දනය වන ආකාරය අද්ධ්‍යනය කරන්න.
 
          සෑම මසකම ඔබගේ වර්ධනය පරික්ෂා කරන්න. මෙමගින් ඔබගේ ඉතිරි කිරීමේ සැලස්ම නිසි ආකාරව ක්‍රියාත්මක කිරීම පමනක් නොව යම් කිසි අඩු පාඩුවක් ඇතොත් එවා හැදින ගෙන නිවැරදි කර ගැනීමටද උපකාරීවේ.
          මෙම ඉතරිර කිරීමේ සැලසුම් අනුගමනය කිරීමෙන් ඔබට ඔබගේ ඉලක්ක කරා ඉක්මනින් ලගාවිය හැකිවාක් මෙන්ම, ඔබ එය අධ්‍යනය කිරීමෙන් වැඩි මුදලක් ඉතිරි කිරීමට සහ අනවශ්‍ය වියදම් කපා හැරීමටද ඔබ වැඩි වැඩියෙන් පෙලබෙනු ඇත. එසේ කිරීම තුලින් ඔබගේ පොහොසත් වීමේපියවර තුලින් පොහොසත්කම කරා ඉක්මනින් ලගාවීමටද හැකිවනු ඇත.
 
ඉතිරි කිරීම ගැනත්, ඉතිරි කිරීමේ ක්‍රම ගැනත් තව තවත් ඉගෙනගැනීමට අපගේ ඉතිරි කීරීම යන ලිපිත් කියවන්න.

මේම ලිපිය ගැන ඔබගේ අදහස් පලකර අපට සහයෝගය දක්වන මෙන් ඉල්ලා සිටිමි. මෙම ලිපිය ප්‍රොයොජනවත් යැයි සිතෙනම් ඔබගේ මිතුරන් සමගද බෙදා ගැනීමටත් like කිරීමටත් අමතක නොකරන්න.

Labels: