රැකියාවේ සාර්ථකත්වයට ඔබගේ සිත පාලනය කර ගන්න.

ඔබ ඔබගේ ශක්තිය සහ කාලය සේවා ස්ථානයේදී දුක්වීමට හෝ පසු තැවිලි වීමට ගතකරනවාද? ඔබ සේවා ස්ථානයේ අනෙකුත් සාමාජිකයන් ඉදිරියේ ඔබව දකින්නේ කෙසේද? ඔබ ඔබවම අධිතක්සේරු කරනවාද? අවතක්සේරු කරනවාද? රැකියා ස්ථානයේදී ඔබගේ සිත සම බරව සහ කාර්‍යක්ෂමව තබා ගැනීම ගැන ඉගන ගැනීමට  මෙම ලිපිය දිගටම කියවන්න.
          ඔබගේ රැකියා ස්ථානයේදී ඔබගේ සිතෙහි ඇති වන සිතුවිලි ගැන ඔබ මදක් සිතා බලුවාද? ඔබ අසාර්ථක සේවකයකු නම් බොහෝ විට, එනම් 80%ක්ම හේතුව වන්නේ  ඔබගේම සිත බව ඔබ දන්නවාද? එය ඔබම දැන ගැනීමට මෙම ප්‍රශ්න ඔබගෙන්ම අසන්න.
1 ඔබව අන් අය අවතක්සේරු කරන බව හැගෙනවාද?
          ඔබ කිසි විටක ඔබගේ රැකියාව කරන විට අන් අය සිතන දේ සිතා ඔබගේ හැකියාවන් සහ කාලය අපතේ යාමට ඉඩ නොදෙන්න. ඒ වෙනුවට ඔබම ඔබ දෙසම වෙන අයකු දෙස බලන ආකාරයට බලා ඔබ කරන ක්‍රියාව කුමක් උවත් එය නිවැරදිද යන්න කල්පනා කර, ඔබට සිතිය හැකි නිවැරදිම ආකාරයට එය කරන්න පුරුදු වන්න.
2 අන් අය ඔබව මග හරිනවා මෙන් හැගෙනවාද?
          මෙම සිතුවිල්ල බොහෝවිට ආත්මානුකම්පාව නිසා දැනෙන දෙයකි. එවැනි අවස්ථාවක පසු තැවෙමින් හෝ දුක් වීමෙන් වලකින්න. ඒ වෙනුවට ඔබට යම් තැනක වැරදී ඇතිද සහ එම වැරද්ද නිවැරදි කර ගනිනේ කෙසෙද යන්න ගැන ධනාත්මකව සිතා ක්‍රියා කරන්න. ඔබද ටික වේලාවකට අන් අයව මදක් මග ඇර සිටින්න, එය ඔබට සැබැතත්වය වටහා ගැනීමට උපකාරී විය හැකිය.
3 ඔබ ඔබගේ සහෝදර සේවකයන්ගේ උපකාර ගැනීමට අපහසු වෙන් පෙලෙනවාද?
          මෙයට හේතුව විය හැක්කේ අන් අයගෙන් උපකාර ඉල්ලීමට ඇති බය විය හැකිය. ඔබ අන් අයට උපකාර අවශ්‍යවිට ඔවුන් ඉල්ලීමටත් ප්‍රථම උප කාර කිරීමෙනුත්, හොද මිත්‍ර ශීලී ගති ඇති කර ගැනීමෙනුත් මෙය ඔබට පහසුවෙන්ම මග හරවා ගත හැකිය. ඔබ අන් අයට උපකාර කිරීමේදී ඔබගේ රාජ කාරිය මග නොහැරවා ගැනීමටත් වග බලා ගන්න.
4 අන් අය ඔබව විහිලුවකට ගන්නා බව හැගෙනවාද?
          එසේ හැගෙනවා නම් ඔවුන්ගේ විහිලු තහලු වලට තරහ නොගැනීමටත් අමනාප නොවීමටත් උත්සහ කරන්න. ඔබද ඒවාට සිනාසී එම පීඩනය අඩු කර ගන්න.බොහෝවිට මෙවැනි තත්වයන් උදා විය හැක්කේ ඔබ රැකියාවට අලුත් නම් සහ ඔබ අන් අයට වඩා දක්ෂ බව අනික් අයට වැටහී එයට ඉර්ශ්‍යා ඌ විට බව මතක තබා ගන්න. ඔබ එම තත්වය වටහා ගෙන එයට ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතුව මුහුන දීමට පුරුදු වන්න.
5 ඔබ ඔබගේ කාලය නිසි අයුරින් හසුරනවාද?
          ඔබගේ කාලය නිසි අයුරින් හැසිරවීමට උත්සහ දරන්න. නිතරම එදිනෙදා තමාට පැවරී ඇති රාජකාරිය ඉතා හොදින් සහ ඉක්මනින් නිම කිරීමට පුරුදු වන්න. ඔබගේ රැකියාවට නියම වේලාවට යාමටත්, විවේක කාලයන් තුල අනවශ්‍ය ලෙස කාලය වැය නොකිරීමටත් උත්සහ දරන්න. ඔබට ඔබගේ කාලය නාස්ති වන්නේ අන් අයට උපකාර කිරීමට යෑමෙන් නම් ඔවුන් ඔබගේ කාලය හා සේවය  ගැන නොසිතා අන්වශ්‍ය ලෙස උපකාර ඉල්ලීමේදී එය ප්‍රතික්ෂේප කරන්නත් පුරුදුවන්න. එසේ කිරීමෙන් ඔබගේ වටිනා කාලයත් ඔබගේ තත්වය ආරක්ෂා කර ගැනීමට හැකිවනු ඇත.
          අපගේ සිත පාලනය තුලින් සහ අප යම් යම් අවස්ථාවන් තුල ක්‍රියා කරන ආකාරය තුලින් අපගේ රැකියාව තුල සාර්ථකවී දියුනු වීමට හැකිවනු ඇත.
අපගෙ රැකියවේ දියුනුව යටතේ ඇති ලිපිත්, කෝටිපති මනසේ ඇති අනෙකුත් ලිපිත් කියවීමෙන් රැකියාවේ පමනක් නොව පොහොසත්වීමේපියවර තුලින් පොහොසත් කම කරාද ඔබට ඉක්මනින්ම යාහැකිය.
මේම ලිපිය ගැන ඔබගේ අදහස් පලකර අපට සහයෝගය දක්වන මෙන් ඉල්ලා සිටිමි. මෙම ලිපිය ප්‍රොයොජනවත් යැයි සිතෙනම් ඔබගේ මිතුරන් සමගද බෙදා ගැනීමටත් like කිරීමටත් අමතක නොකරන්න.

Labels: