ඔබ දුප්පත්ද පොහොසත්ද යන්න තීරනය කරන්නේ කුමක්ද?



ඔබ දුප්පත්ද පොහොසත්ද  යන්න තීරනය කරන්නේ කුමක්ද?
ඔබට මූල්යමය වශ්යයෙන් නිදහස් වීමට මග පාදන්නෙ කුමක්ද?

            අපගේ දැනුම සහ හැකියාවන් අපට රැකියාවක් කිරීමට හෝ ව්යාපාරයක් ඇරබීමට උපකාර උවත් අපව ඇත්තෙන්ම පොහොසතකු කල හැක්කේ අපගේම සිතට බව ඔබ දන්නවාද? එය දැන ගැනීමට මෙම ලිපිය කියවන්න.

           අපගේ සිතේ මුදල් ගැන සහ පොහොසත්කම ගැන ඇති වැරදි අදහස් හරියට බෝවී ඇති වල් පැල වගේ කියා අප පසු ගිය ලිපියෙන් ඉගන ගත්තා මතක ඇති ඔබට, එමෙන්ම වල් පැල කීපයකුත් හදුනාත් ගත්තා මතකද? ඔබ එම ලිපිය කියවා නොමැතිනම් එය මෙතනින් කියවා ආපසු මෙයට පැමිනෙන්න. අද අප මේ ලිපියෙන් සොයා බලන්නට යන්නෙ එම වැරදි මත නිවැරදි කර ගන්න ආකාරයයි.

අපගේ සිතේ අප මුදල් ගැන සහ පොහොසත්කම ගැන නොදැනුවත්ම උවත් වැරදි මත ඇති කර ගෙන තිබෙන බව ඔබ දැන් දන්නවා ඇත. එම සිතුවිලි අපගේ යටි සිත සහ මොලය මගින් අප ජීවිතයේ ස්ත්යතාවයන් බවට පත්වීමටත් සලස්වනු ලබනවා. එසේ  තැන්පත් වී ඇති අදහස් අප හදුන්වනු ලබන්නේ අපගේ මුදල් සැලස්ම ( Money blueprint ) නමිනි. එසේ නම් අප දුප්පත්ද පොහොසත්ද  යන්න තීරනය කරන්නේත්, හරි ආකාරයට අදුනාගෙන පලනය කිරිමෙන් අපව මූල්‍යමය වශ්‍යයෙන් නිදහස් වීමට මග පාදන්නෙත් එම අප තුලම ඇති මුදල් සැලැස්මයි.

දැන් අප මීට පෙර ලිපියෙන් හදුනාගත් වැරදි මත කිහිපයෙ හරි වැරැද්ද තෝරා ගනිමු.

1 මුදල් සෑම නරක වැඩකටම මුලය.

            ඇත්තෙන්ම නරක වැඩ වලට මුල මුදල් නොවෙයි මිනිසුන්ගෙ සිතයි. මුදල් නිසා යම් අයෙක් වැරදි ක්‍රියා කරනවානම් බොහෝවිට මුදල් සදහා ඇති තන්හාව, ලෝබ කම සහ තම මුදල් බලය අයුතු ලෙස බවිතා කිරීම වැනි වැරදි මානසික තත්වයන් නිසයි. ඇත්තෙන්ම මුදල් යනු ත්‍යාගයකි. එය අන් අයටද පිහිටවිය හැකි විශාල ආශිර්වාදයකි. එමෙන්ම මුදල් නිසා අපට කොපමන හොද වැඩ කරන්න පුලුවන්ද? මෙලොව සිටින කොපමන අසරන මිනිසුන්ට පිහිට වන්න පුලුවනිද?

 2 පොහොසතුන් ලෝබයි.

            ඇත්තෙන්ම බොහෝ පොහොසතුන් මුදල් වලට නියම වටිනා කමක් ලබා දෙයි. ඔවුන් ලෝබ මෙන් පෙනෙන්නට පුලුවන් නමුත් ඇත්තෙන්ම ඔවුන් මුදල්වල නියම වටිනාකම දන්නා නිසයි. මුදල් වල වටිනා කම නොදන්නා මිනිසුන් එය නිස් කාරනේ වියදම් කර හැම දාම දුප්පත්ව පොසතුන් ලෝබ යැයි පවසමින් ජීවත් වෙයි.

3 ඔවුන් ඉතා නරකයි (පොහොසත් මිනිස්සු ලග මනුස්සකම නෑ).

            මෙයත් පොහොසතුන් ලෝබයි හා සමානම අදහසකි. මදක් සිතා බලන්න ඔබ පොහොසත්නම් ඔබට කොපමන දානමය ආධාර, උපකාර අනෙකුත් අසරන මිනිසුන්ට ලබාදෙන්න පුලුවන්ද? තමන් පොහොසත් යැයි සිතන අතලොස්සක්, තම මුදල් ගැන තන්හාවෙන් පිරී, මනුස්සකම් අමතකකර සිටියත්, පොහොසතුන් බොහෝ දෙනෙකු ලග ඉතා හොද මනුස්සකම් පිරී ඇතිබව වටහා ගන්න.

4 මුදල් වලට සතුට ලබා දෙන්න බැ.

            ඇත්ත මුදල් කියන්නෙත් සතුට කියන්නෙත් දෙකක්. නමුත් මදක් සිතන්න ඔබට මුදල් නොමැතිව, මසික වියදම් වත් සම්පුර කරගැනිමට අපහසුව වැටුපකින් තවත් වැටුපකට ජීවත් වෙමින් සතුටු විය හැකිද? ඔබ මුදල් හිගකමින් යම් අයුරකින් සතුටු වනවාට වඩා මුදල් ඇති විට ඊට කොපමන වැඩියෙන් සතුටු විය හැකිද? ඔබට ඔබගේ පවුලේ අයකුට, ඔබගේ මිතුරෙකුට නැතිනම් ඔබටම හෝ යමක් මිලදී ගන්න යනවා යැයි සිතන්න, එවිට ඔබ අත අඩු මුදලක් තිබුනහොත්ද වැඩි මුදලක් තිබුනහොත්ද වඩා හොද වඩා වටිනා දෙයක් මිලදී ගෙනිමට හැකි වන්නේ? එයම සතුටක් නොවේද?

5 පෝසතුන්ට ස්වර්ගයට යාමට බැ.

            මේ සිතුවිල්ල සමහර ක්‍රිස්තියානි පුද්ගලයන්ට ඇති බව මා දැක ඇත. නමුත් ඇත්තෙන්ම ක්‍රිස්තුන් වහන්සේ දෙශනා කර ඇත්තේ මුදල් වලට දක්වන දැඩි ආශාව සහ මුදල් නිසා දෙවියන්වත් මිනිසුන්වත් අමතක කිරීම ස්වර්ගයට යාමට අපහසු කරන බව මිසක් ප්හොසතුන්ට ස්වර්ගයට යාමට නොහැකි බව නොවේ. නමුත් ඔබ දන්නවාද ක්‍රිස්තු ධර්මයේ නියම ලෙස අයෝජනය කිරීමේ වැදගත් කම ගැන පවා කියා අතිබව?

6 මුදල් කියන්නේ සර්පයෙක්.

            සමහර බෞද්ධ ආගමිකයන් අතර ඇති මතයක් නම් මුදල් යනු සර්පයකු බවයි. නමුත් එයින් කිය වෙන්නෙත් මුදලට ඇති තන්හාව ගැනයි. ඔබට දුප්පතකු වී තවත් දුප්පතුන්ට උපකාර කරනවාට වඩා ඔබගේ හැකියාවෙන් පොහොසත් වී අනික් මිනිසුන්ටත් පොහොසත් වීමට උපකාර කිරීම කොපමන පිනක් වනු ඇත්ද? ඔබ දන්නවාද බෞද්ධ ධර්මයේ පවා මී කුනකින් පටන් ගෙන තම් මනස සහ බුද්ධිය මෙහෙයවා පොහොසත් වු මිනිසෙකු ගැන කියා දෙන බව?

7 සල්ලි ගස් වලින් කඩා ගන්න බැ.

            මෙයින් කියවෙන්නේ මුදල් හම්බ කිරීම පහසු නැති බවයි. නමුත් ඔබ සිහි බුද්දියෙන් වැඩ කිරීමට පුරුදු උව හොත් ඇත්තෙන්ම මුදල් හම්බ කිරීමට සිතනතරම් බොහෝ මහන්සි විය යුතු නැත. අප අතරෙහි බොහෝ දෙනෙකු සිතා සිටින්නේ මහන්සි වී වැඩ කිරීමකින් තොරව මුදල් ඉපයිය නොහැකි බවය. ඇත්තෙන්ම එයට ප්‍රදාන හේතුව වන්නේ අප ලබන පාසල් අධ්‍යාපනය බව කිවහොත් ඔබ පුදුම වනවාද? ඇත්තවශයෙන්ම අපට පාසල් අධ්‍යාපනයෙන් උගන්වන්නෙ රාමුවකට කොටුවී තවත් අයෙකුට සේවය කර මාසික වැටුපක් උපයා ගැනීමටය. මේ ලොකයේ වඩාත්ම සාර්ථක සහ පොහොසත්ම මිනිසුන් හරි ආකාරව පාසල් අධ්‍යාපනය ලබා නොමැතිබව ඔබ පිලිගන්නවාද? මේ ගැන වැඩි විස්තර පසුව බලාපොරොත්තු වන්න.

8 හොද වැඩ වලින් සල්ලිහම්බ කරන්න බැ.

            බොහෝ පොහොසතුන් එම තත්වයට පැමින ඇත්තේ මිනිසුන්ට අවශ්‍ය යම් ව්‍යාපාරයක් හෝ සේවයක් කිරීම නිසාය. සමහර මිනිසුන් තම ව්‍යාපාරයෙන් වැඩි ලාබ ලැබීමට යැයි සිතා අසාදාරන ලෙස ක්‍රියා කිරීමට පුරුදු වී සිටියත්, එම අසාදාරන කම් මිනිසුන් දැන ගත් පසු එම ව්‍යාපාරය බිදවැටීම නොවැලක්විය හැකි දෙයකි. මුදල් හම්බ කිරීමට වැරදි ක්‍රියා වලට වඩා බොහෝ හොද වටිනා ක්‍රියා ඇති බව ඔවුන් නොදනී. වැරදි ක්‍රියා කරන කීප දෙනෙකු නිසා හොද පොහොසතුන් ගැන පවා මිනිසුන් සිතන්නේ වැරදියටය. එය එම පොහොසතුන්ට නොව  එසේ සිතන එම පුද්ගලයන්ගේම අවාසනාවට කරුනයි. එසේ සිතීමෙන් සැමදා දුප්පත්වම ජීවත් වීමට සිදුවන්නේ ඔවුන්ටමය.  

9 පොහොසත් මිනිස්සු පොහොසත් වෙන අතර දූප්පතුන් තවත් දූප්පත් වෙනවා.

            පොහොසතුන් පොහොසත් වන්නේ ඔවුන් තම සිත සහ මොලය ප්‍රයෝජනයට ගෙන ඔවුන්ට බොහෝ ආදායම් මාර්ග නිර්මානය කර ගෙන ඇති බැවිනි. ඔවුන් තම ප්‍රදාන ආදායම් මාර්ගයන් වලට අමතරව බොහෝ කුඩා ආදායම් මාර්ගද, අයෝජනයන්ද කරන බැවින් ඔවුන් නිදා සිටියදී පවා ඔවුන්ගෙ බැන්කු ගිනුම් වලට මුදල් ගලාගන එති. නමුත් බොහෝ දුප්පතුන් සහ මද්‍යම පාන්තිකයන් සිදු කරන්නේ තමා අමාරුවෙන් උපයාගත් මුදල් පාලනය පිලිබද ඇති මද අද්‍යාපනය නිසා තවත් මුදල් ඉපයිය හැකි මාර්ගයකට නොයොදා සියල්ලම වියදම් කිරීමය. එසේ කර තවත් අසරන කමට පත්වීමය.

10 කාසි වලට ගන්නත් බැ කාසි වලට දෙන්නත් බෑ මනුස්සකම මිනිස්සුනේ.

            ඇත්ත, නමුත් ඔබට මුදල් ඇති නම් මනුස්සකම උදෙසා බොහෝ දේවල් කල හැකි බව ඔබට සිතා ගත හැකි නේද? මනුස්ස කම ඇත්තේ මිනිසුන්ගේ සිතේ බවත් මුදල් මත නොවන බවත් හොදින් මතක තබා ගන්න.

 මෙවෙනි සිතුවිලි සිතීමට ප්‍රදානම හෙතුවක් නම් පොහොසත් මිනිසුන්ට සහ පොහොසත් කමට බය වීමය, මෙවෙනි අදහස් බොහෝවිට පොහොසත් වීමට අවශ්‍ය චිත්ත ශක්තිය සහ ආත්ම ශක්තිය අඩු කම්මැලි මිනිසුන් සදගෙන ඇති මනසික පවුරුය. මෙම සිතු විලි වලට අමතරව තවත් බොහෝ වැරදි මත ඇත. ඒවාත් පසුව ලිපි වලින් සාකච්චා කිරිමටත් අදහස් කරමි. මෙ පිලිබදව ඔබගේ අදහස් ඉතා වටිනා බැවින් එම අදහස් පලකරන මෙන් ඉතා කරුනාවෙන් ඉල්ලා සිටිමි.

මෙම ලිපියෙන් පසු මා අදහස් කරන්නේ තවදුරටත් Money blue print හෙවත් මුදල් සැලස්ම ගැන වැඩි දුර කියා දීමට සහ එ පිලිබද ඔබගේද අදහස් දෙන ගැනීමටය. එමෙන්ම මෙම අදහසේ නිර්මාතෘ T. Harv Eker ගැන සහ මෙම මුදල් සැලස්ම හරි ආකාරව ආයෝජනයට ගෙන පොහොසත් වීමේ පියවර තුලින් පොහොසත් මිනිසෙකු වීමේ ආකාරයත් පෙන්නා දීමට බලපොරොත්තු වෙමි.
 
මේම ලිපිය ගැන ඔබගේ අදහස් පලකර අපට සහයෝගය දක්වන මෙන් ඉල්ලා සිටිමි. මෙම ලිපිය ප්‍රොයොජනවත් යැයි සිතෙනම් ඔබගේ මිතුරන් සමගද බෙදා ගැනීමටත් like කිරීමටත් අමතක නොකරන්න.

Labels: